දවස පුරාම භාවනා කරන හැටි -සතිපට්ඨාන සූතය - සිහිය පිහිටුවීම ගැන වදාළ දෙසුම
අද කියලා දෙන්නේ මජ්ඣිම නිකායේ දහවැනි සූත්‍රය...මහා සතිපට්ඨාන සත්‍රය ...බුදු හාමුදුරුවො මහා සතිපට්ඨාන සූත්‍රෙය් දේශනා කළ විදිය නොදැන එක පාරටම සිහිය දියුණු කරන්න යන්න එපා....හොඳට සූත්‍රය කියවලා බලන්න...කලබලේට බොහෝ දෙනෙක් සූතයේ මුලින්ම තියන කරුණු හතරක් දිහා අවධානෙන් බලන්නෙ නෑ...බුදු හාමුදුරුවෝ මුලින්ම දේශනා කරන්නේ සහිය පිහිටුවන්න කලින් ආතාපී හෙවත් කෙළෙස් තවන වීර්යය ඇතිකර ගන්න කියලා...දෙවනුව සම්පජානෝ හෙවත් හොඳ විමසුම් නුවණක් තියෙන්න ඕන...තුන්වෙනුව සතිමා හෙවත් සිහිමත් බව තියෙන්න ඕන...හතරවැනි එක හරිම වැදගත්...ඒ තමයි තමාගෙන් ගොඩනැගුණු ලෝකයේ අරමුණු පහළ වෙද්දි ඒවාට දැඩි ඇල්මක් හෝ කණගාටුවක් ඇතිවීම පාලනය කරගත යුතුයි ...ඒකට කියන්නේ විනෙය්ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලයි....අභිජ්ඣා කියන්නේ දැඩි ආශාව....දෝමනස්සං කියන්නේ ආස නැති අරමුණු නිසා ඇතිවන දොමුනස.......මේ වචන දැක්කට භය වෙන්න එපා......
අපේ අය හරියට තලබල වෙනවා ටිකක් දැනගෙන...අපි ගොඩක් දෙනෙක් ඉලෙක්ට්‍රික් බවුවක් ගත්තම හදිස්සියෙ ගෙනල්ලා කරන්ට් එකට ගහනවා...ඊට පස්සේ කොහෙන් හරි වරදිනවා...එතකොට තමයි කැටලොග් එක නැත්නම් මැනුවල් එක අරන් බලන්නේ කොහෙන්ද වැරදුණේ කියලා....හැබැයි එතකොට ප්‍රමාද වැඩියි...සමහරු හදිස්සියේ භාවනා කරලා සූත්‍රෙය් තියන විදියට දවස් හතෙන් අවබෝධයකට එන්න හදනවා...බැරිවුණාම කළකිරෙනවා...අපේ අම්මලා මාස ගණන් භාවනා වැඩසටහන්වලට යනවා...හරියන්නෙම නෑ...ඇයි ඒ... ඒ තමයි සතර සතිපට්ඨානය වඩන්න ඕන ඉහත කී වටිනා මග පෙන්වීම් ක්‍රම හතර යටතේ බව දන්නෙ නැති නිසා....
ඔය හතරෙන් පස්සේ තමයි කායානුපස්සනාව කියලා දෙන්නේ...කායානුපස්සනාව කියන්නේ ක්‍රම හයකින් විස්තර කරලා තියන එකක්.....ඒක පටන් ගන්නේ හුස්ම රැල්ලෙන්....ඒ නිසා හිතන්න එපා කය පිළිබඳ අසුභය දැකීම පමණක් කායානුපස්සනාව කියලා...මේ ක්‍රම හයම හොඳින් දැනගන්න ඕන..... හරියට දැනගත්තම තේරෙනවා ඉඳගෙන ඉන්න විශේෂ ඉරියව්වක් නෑ කියලා.....දවසෙම සිහිය වඩන විදිය හොඳට කියලා දීලා තියනවා...
01. ආනාපාන පබ්බ - හුස්ම ගැනීම හා හෙළිම ගැන කොටස
සිහියෙන්ම හුස්ම ගන්න.....(සතෝව අස්සසති - සතෝව පස්සසති) හුස්ම රැල්ල ස්වභාවිකවම දීර්ඝ නම් ඒ බව අපි වටහා ගන්නවා (දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති)....කෙටි නම් ඒ බවත් වටහා ගන්නවා.... (රස්සං වා.....)මුළු ශරීරයම හුස්ම රැල්ලත් සමග සෙලවෙන අයුරු හෙවත් හුස්ම රැල්ල ශරීරය පුරාම පැතිරී යන අයුරු දකිමින් ඊළඟට පුහුණු වෙනවා...(සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති) ඊට පස්සේ ශරීරයේ සංතාර හෙවත් නොයෙක් සකස්වීම් සමථයකට පත්වෙන්න ගන්නවා...(පස්සම්භයං කාය සංකාරං අස්සසිස්සාමීති සික්ඛති) මේකට කියන්නේ ශරීරයේ ඇතැම් කොටස් නොදැනී යනවා හෙවත් අතුරුදහන් වෙනවා වගේ කියලා...මේකට බය වෙන්න එපා....ඒක හරිම සුවයක්...බුදු හාමුදුරුවො වුණත් දේශනා කරනවා තමන් වහන්සේ බයවුණු හැටි.....මහා සච්චක සූත්‍රෙය් මේ බව කියලා තියෙන්නේ...කියවලාම දැනගන්න.....ඔව්......ඉන්ද්‍රිය ලෝකයෙන් බැහඅරට මනස බැස ගනිද්දී බයක් දැනෙනවා.......ඒක හරියට ඉස්ගෙඩියා ගෙම්බෙක් වුණාම වතුරයි ගොඩ බිමයි අතර වෙනස හඳුනා ගන්නවා වගේ....ගොඩබිමට යනකල් වතුර ගැන විතරයි දන්නේ...අපිත් ඒ වගේ...අපි දන්නෙත් කාම ලෝකයේ අරමුණු ගැන විතරයි....දැන් ඒව ඈත් වේගෙන යන මොහොත....මුලු ශරීරයම සැහැල්ලු වෙමින් හුස්ම වැටෙන හැටි දකින්න ... එච්චරයි බුදු හාමුදුරුවො දේශනා කරන්නේ.....ඒකට උපමා කරන්නේ වඩුවෙක්....වඩු මහත්තයා දන්නවා යතු ගානවත් එක්කම ඒක දීර්ඝ වෙන්න ඕනද කෙටි වෙන්න ඕන ද කියලා....මේ විදියටයි භාවනාව ආරම්භ වෙන්නේ.....හරිම සරළයි....ලොකුවට මහන්සි වෙන්න ඕනත් නෑ...විශේෂ දැනුමක් ඕනත් නෑ.....
මේ විදියට තමන්ගේ ශරීරයම ඇතුළතින් හා පිටතින් දකිනවා නොයෙකුත් අරමුණු හටගන්න විදියත් නැතිවෙන විදියත්....ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති බහිද්ධා වා.......සමුදය ධම්මානුපස්සීවා-වය ධම්මානුපස්සීවා-සමුදය වය ධම්මානු පස්සීවා කියන්නේ ඒකටයි)....ශරීරය තුළත් බාහිරවත් මනසට අරමුණු වෙන ධර්ම ඇතිවෙලා නැති වෙලා යන විදිය බලන් ඉන්නවා.....මේ සමගම සිහියක් පැතිරී යනවා ශරීරයක් තියනවා හැබැයි දැනගැනීම් මාත්‍රයකට පමණයි කියලා....කිසිම දයක් උපාදන කරන්නේ නෑ....(අත්ථි කායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඤාණ මත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝ ච විහරති න ච කිඤ්චි ලෝකේ උපාධියති) පැවැත්මට පමණයි කියලා....ඒ වුණාට ශරීරය ඇසුරු නොකරඉන්නවා.....මේ විදියටත් කයෙහි කායානුපස්සනාව වඩමින් ඉන්නවා කියලයි ඒ පළමු පියවර අවසන් වෙන්නේ (ඒවම්පි ඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති)
මෙතනින් තේරෙනවා නේද සමථයයි විපස්සනාවයි වෙන් කරන්න බෑ කියලා...හරියට අපේ අත්ලේ දෙපැත්ත වගේ....එක පැත්තක් පෙන්නුවම අපි දන්නවා ඒ එක්කම අනිත් පැත්තත් තියනවා කියලා....
එතනින් පස්සේ තමයි නැවතත් විදියක් දේශනා කරන්නේ (පුන ච පරං භික්ඛවේ භික්ඛු) කියලා....
02. ඉරියාපථ පබ්බ - ඉරියව් හතර ගැන කොටස
දෙවෙනි පියවරේදි කියලා දෙන්නේ ගමන් යනකොට යන බව (ගච්ඡන්තෝ වා ගච්ඡාමීති) හොඳින් දැන ගන්නවා (ප-ජානාති)....ගමනක් යද්දි හෑමේ අරමුණ විතරයි...(අමතක කරන්න එපා මේ හැම වෙලාවකම මනස තුළ මොනවද වෙන්නේ කියලා දැන ගන්න ඕන...ආතාපි සම්පජානෝ සතිමා විනෙය්ය ලෝකෙ අභිජ්ඣා දොමනස්සං කියන හතර නිතරම හිතේ තියෙන්න ඕන) හිටගෙන හිටියත් (ඨිතෝ වා) ඉඳ ගත්තත් (නිසින්නෝ වා) හාන්සිවෙලා හිටියත් (සයානෝ වා) ඒ අරමුණින් සිත පවත්වනවා..මෙන්න මේ කොටස අමතක කරන්න එපා....ඒ තමයි කොයි කොයි විදියට ශරීරය පැවතුණත් ඒ ඒ විදියට මනාව දැන ගන්නවා කියන කොටස (යථා යථා වා පනස්ස කායෝ පණිහිතෝ හෝති තථා තථා නං පජානාති) කියන්නේ ඒකයි.
මේ විදියට තමන්ගේ ශරීරයම ඇතුළතින් හා පිටතින් දකිනවා නොයෙකුත් අරමුණු හටගන්න විදියත් නැතිවෙන විදියත්....ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති බහිද්ධා වා.......සමුදය ධම්මානුපස්සීවා-වය ධම්මානුපස්සීවා-සමුදය වය ධම්මානු පස්සීවා කියන්නේ ඒකටයි)....ශරීරය තුළත් බාහිරවත් මනසට අරමුණු වෙන ධර්ම ඇතිවෙලා නැති වෙලා යන විදිය බලන් ඉන්නවා.....මේ සමගම සිහියක් පැතිරී යනවා ශරීරයක් තියනවා හැබැයි දැනගැනීම් මාත්‍රයකට පමණයි කියලා....කිසිම දයක් උපාදන කරන්නේ නෑ....(අත්ථි කායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඤාණ මත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝ ච විහරති න ච කිඤ්චි ලෝකේ උපාධියති) පැවැත්මට පමණයි කියලා....ඒ වුණාට ශරීරය ඇසුරු නොකරඉන්නවා.....මේ විදියටත් කයෙහි කායානුපස්සනාව වඩමින් ඉන්නවා කියලයි ඒ දෙවෙනි පියවර අවසන් වෙන්නේ (ඒවම්පි ඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති)
03. සම්පජාන පබ්බ - හොඳින් දැනගැනීමේ කොටස
ඊළ‍්ඟ පියවරේදි හැම ඉරියව්වක්ම දැන ගන්න තියනවා....ඉදිරියට යද්දි (අභික්කන්තේ) අපහු හැරිලා එද්දි (පටික්කන්තේ) ඉස්සරහ බලද්දි (ආලෝකිතේ) පසුපස බලද්දි (විලෝකිතේ)අත්පා හකුළද්දි (සම්මිඤ්ජිතේ) අත්පා දිගහරිද්දි (පසාරිතේ) සඟල සිවුර දරද්දි සිවුරු පෙරවද්දි හා පාත්‍රය ගනිද්දි (සංඝාටි පත්ත චීවර ධාරණේ) විමසිලිමත් වෙනවා...කෑම කද්දි (අසිතේ) වතුර බොද්දි (පීතේ) හපද්දි (ඛායිතේ) රස බලද්දි (සායිතේ) විමසිලිමත් වෙනවා....වැසිලිළි කැසිකිළි භාවිතයෙදි පවා (උච්චාර පස්සාව කම්මේ) විමසිලිමත් වෙනවා....ගියත් (ගතේ) හිටියත් (ඨිතේ) හිඳගෙන හිටියත් (නිසින්නේ) නින්දට ගියත් (සුත්තේ) ජාගරිතේ (අවදියෙන් හිටියත්) කතා කළත් (භාසිතේ) නිශ්ශබ්දව හිටියත් (තුණ්හීභාවේ)විමසිලිමත් වෙනවා....
මේ විදියට තමන්ගේ ශරීරයම ඇතුළතින් හා පිටතින් දකිනවා නොයෙකුත් අරමුණු හටගන්න විදියත් නැතිවෙන විදියත්....ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති බහිද්ධා වා.......සමුදය ධම්මානුපස්සීවා-වය ධම්මානුපස්සීවා-සමුදය වය ධම්මානු පස්සීවා කියන්නේ ඒකටයි)....ශරීරය තුළත් බාහිරවත් මනසට අරමුණු වෙන ධර්ම ඇතිවෙලා නැති වෙලා යන විදිය බලන් ඉන්නවා.....මේ සමගම සිහියක් පැතිරී යනවා ශරීරයක් තියනවා හැබැයි දැනගැනීම් මාත්‍රයකට පමණයි කියලා....කිසිම දයක් උපාදන කරන්නේ නෑ....(අත්ථි කායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඤාණ මත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝ ච විහරති න ච කිඤ්චි ලෝකේ උපාධියති) පැවැත්මට පමණයි කියලා....ඒ වුණාට ශරීරය ඇසුරු නොකරඉන්නවා.....මේ විදියටත් කයෙහි කායානුපස්සනාව වඩමින් ඉන්නවා කියලයි ඒ තුන් වෙනි පියවර අවසන් වෙන්නේ (ඒවම්පි ඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති) කියලයි...
(මේ විදියට පුහුණුව සාර්ථක කරගන්න..අදහස් ඇතොත් දන්වන්න...හෙමින් මේ ටික දියුණු කරන්නම්....තෙරුවන් සරණයි...)
මේ සූත්‍රය අහන්න පුළුවන් මෙතනින්...(https://www.youtube.com/watch?feature=player_embedded&v=wV0nJtlswqg#!)
ඉංග්‍රීසි විස්තරාර්ථ පරිවර්තනයක් සහ ඉංග්‍රීසි/ රෝමන් අකුරින් සූත්‍රය මෙනැනින් ... (http://www.accesstoinsight.org/lib/authors/nyanasatta/wheel019.html)
තව සිංහල පරිවර්තනයක් මෙතනින් (http://thripitakaya.com/2010/05/22-%E0%B6%B8%E0%B7%84%E0%B7%8F-%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B1-%E0%B7%83%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA/)
So change your understanding. You can practice anywhere because the mind is with you everywhere.
If you think good thoughts while sitting, you can be aware of them; if you think bad thoughts you can be aware of them
also. These things are with you. While lying down, if you think good thoughts or bad thoughts, you can know them also, because the place to practice is in the mind. Some people think you have to go to the monastery every single day. That's not necessary.
Just look at your own mind.
If you know where the practice is you'll be assured.
Just look at your own mind.
If you know where the practice is you'll be assured.
No comments:
Post a Comment