තමාවත් රැකගනිමින් අනුන්වත්
රකිමු…(On Mindfulness)
බුදුරජාණන් වහන්සේ සතිය ගැන
බොහොම ලස්සන විස්තර දේශනා කරලා තියෙනවා. එක තැනක බුදුරජාණන් වහන්සේ සිහිය ගැන හරි
ලස්සන විස්තරයක් කළා. එතැන දී උන්වහන්සේ අදහස් කළේ අප හිතනවාට වඩා ගැඹුරු එකක්. ඒක
කොච්චර ගැඹුරුයි ද කියලා තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කළා.
මේ දේශනාවේ නම ‘සේදක සූත‍්‍රය.’ මේ දේශනාව ඇතුළත් වෙන්නේ
සංයුත්ත නිකායට. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වාසය කළේ ‘සුම්හ’ කියන
ජනපදයේ ‘සේදක’ කියන නියම් ගමේ. දවසක් බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන්
වහන්සේලාට කථා කරලා කියනවා,
‘‘මහණෙනි, සැඩොල් කුලයේ දෙන්නෙක් හිටියා. මේගොල්ලෝ සර්කස්කාරයෝ. ඒ අයට ‘සැඩොල් කණුව’ කියලා උණගසක් තියෙනවා. ඒ කියන්නේ උණගසක් අරගෙන හිටවනවා. සැඩොල් කුලයේ නිසා ඒකටත් ‘සැඩොල් කණුව’ කියලා කියනවා. මේ දෙන්නගෙන් එක්කෙනෙකුගේ නම ‘මේදකථාලික.’ එයා තමයි ගෝලයා. දවසක් මේ ගුරුවරයා ගෝලයට කිව්වා, ‘ඔයා අද උණගහට ගිහිල්ලා කරණම ගහලා මගේ කර උඩ හිටගන්න’ කියලා. ඉතින් මේ ගෝලයාත් ‘එහෙමයි ආචාර්යතුමනි’ කියලා උණගහට නැගලා කරණම ගහලා උරහිස දෙපැත්තේ හිටගත්තා. මේ දක්‍ෂකම දැකලා මිනිස්සු හරියට මේ දෙන්නට පැහැදුණා. පැහැදිලා මේගොල්ලන්ට සල්ලි දුන්නා.
‘‘මහණෙනි, සැඩොල් කුලයේ දෙන්නෙක් හිටියා. මේගොල්ලෝ සර්කස්කාරයෝ. ඒ අයට ‘සැඩොල් කණුව’ කියලා උණගසක් තියෙනවා. ඒ කියන්නේ උණගසක් අරගෙන හිටවනවා. සැඩොල් කුලයේ නිසා ඒකටත් ‘සැඩොල් කණුව’ කියලා කියනවා. මේ දෙන්නගෙන් එක්කෙනෙකුගේ නම ‘මේදකථාලික.’ එයා තමයි ගෝලයා. දවසක් මේ ගුරුවරයා ගෝලයට කිව්වා, ‘ඔයා අද උණගහට ගිහිල්ලා කරණම ගහලා මගේ කර උඩ හිටගන්න’ කියලා. ඉතින් මේ ගෝලයාත් ‘එහෙමයි ආචාර්යතුමනි’ කියලා උණගහට නැගලා කරණම ගහලා උරහිස දෙපැත්තේ හිටගත්තා. මේ දක්‍ෂකම දැකලා මිනිස්සු හරියට මේ දෙන්නට පැහැදුණා. පැහැදිලා මේගොල්ලන්ට සල්ලි දුන්නා.
ඊට පස්සේ මේ ගුරුවරයා මේදකථාලිකට කියනවා, ‘යහළුව, දැන්
බලන්න, ඔබ උණගහට නැගලා කරණම ගහලා මගේ කර උඩ හිටගත්තා. ආයෙමත් කරණම
ගහලා බැස්සා. ඒ නිසා අපි දෙන්නට දෙන්නා උදව් කරගෙන මේක කරගෙන යමු. මම උඹව
රකින්නම්. උඹ මාව රැකපන්..’ එතකොට ගෝලයා කියනවා, ‘යහළුව, එහෙම
නෙවෙයි. මම මාව රැකගන්නම්. ඔබ ඔබව රැකගන්න. එතකොට අපි දෙන්නම රැකෙනවා. ඒ වගේ ම
චණ්ඩාල වංශයත් රැකෙනවා. අපිට ලාභයත් ලැබෙනවා.’
බුදුරජාණන් වහන්සේ මේ උපමාව දේශනා
කරලා මේ ශාසනයේ තියෙන්නෙත් මෙන්න මේ වගේ එකක් කියලා වදාළා. ඒ කියන්නේ මේ ශාසනයේ
තියෙන්නේ අනුන්ව රැකිල්ල හෝ අනුන්ව හැදිල්ල නෙවෙයි. තමන්ව රැකගෙන තමන්ව
හදාගැනීමයි. ඒකෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘මහණෙනි, තමන්ව
රකින්නේ කොහොම ද? තමන්ව රකින්න නම් එයා සිහිය පිහිටුවා ගන්න ඕන.’ උන්වහන්සේ
එතැන දී සිහිය කියලා විස්තර කළේ ‘සතර සතිපට්ඨානය’ ගැනයි.
පළමුවෙන් ම තමන් ගුණවත් වෙන්න…
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘මහණෙනි, තමන්ව
රැකගන්න කෙනා අනුන්වත් රකිනවා. මහණෙනි, ඒ විදිහට තමන්වත් රැකගනිමින්, අනුන්වත්
රකින්නේ කෙසේ ද?’ උන්වහන්සේ ඒ සඳහා ලස්සන කරුණු හතරක් විස්තර කරනවා. ඒ තමයි
(ඛන්තියා) ඉවසීම, (මෙත්තචිත්තතාය) මෛත‍්‍රී සිත, (අවිහිංසාය)
හිංසා නැති බව, (අනුද්දයතාය) දයානුකම්පාව. තමනුත් ධර්මය තුළ රැකෙමින් අනිත්
අයවත් රකින්නේ මෙන්න මේ කරුණු හතරෙන් කියනවා. බලන්න උන්වහන්සේ ඒ සඳහා ගත් උපමාව
කොච්චර ලස්සන ද?
අර සැඩොල් ගුරුවරයා කිව්වේ ”උඹ මට
උදව් කරපන්.. මම උඹට උදව් කරන්නම්… අපි දෙන්නාට දෙන්නා උදව් කරගෙන
යමු..” කියලයි. පුහුදුන් ලෝකයේ හැමතිස්සේ ම කියන්නේ ඔය විදිහේ කථා
නේ ද? ‘‘මම ඔයාට උදව් කරන්නම්.. ඔයා මට උදව් කරන්න..” කියලනේ
බොහෝ දෙනා කියන්නේ. ඒ කියන්නේ නිතර ම උදව්වක් දීමෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා.
නමුත් ගෝලයා වූ ‘මේදකථාලික’ කිව්වේ එහෙම නෙවෙයි. එයා කිව්වේ ‘මම මාව
රැකගන්නම්. ඔබත් ඔබව රැකගන්න. එතකොට අපි දෙන්නමත් රැකෙනවා. අපට ලාභයත් ලැබෙනවා. මේ
වැඩෙත් සිද්ධවෙනවා’ කියලයි. බුදුරජාණන් වහන්සේ වදාළේ, ‘මහණෙනි, ධර්මයේ
හැසිරීමත් මෙන්න මේ වගේ දෙයක්’ කියලයි. එතකොට අපට තේරුම් ගන්න
පුළුවන්, මනුෂ්‍යයෙක් අනුන්ට යහපත කරනවා නම් ඉස්සර වෙලාම එයා ඒ යහපතට
අයත් ගුණය තමන් තුළ පිහිටුවා ගන්න ඕන. මොකද යහපත කරන්නේ යම් ගුණයකින් නම් ඒ ගුණය
තමන් තුළ නැතුව බාහිර කෙනෙකුට දෙන්න බෑ. ඒක තමයි එහි අර්ථය.
මේ දේශනාවේ ඒ ගැන හරි ලස්සනට විස්තර
වෙනවා. උන්වහන්සේ දේශනා කරන විදිහ හරිම ලස්සනයි. ‘‘(කථඤ්ච
භික්‍ඛවේ, අත්තානං රක්ඛන්තෝ පරං රක්ඛති) මහණෙනි, තමන්ව
රකින කෙනා අනුන්ව රකින්නේ කොහොම ද? (ඛන්තියා අවිහිංසාය
මෙත්තචිත්තතාය අනුද්දයතාය)” මම මේ පාළි වචන ම කියන්නේ ඒක උන්වහන්සේගේ වචනය නිසයි.
(ඛන්තියා) තමන් හරියට සතිපට්ඨානයේ පිහිටපු කෙනෙක් නම් එයා අනුන් වෙනුවෙන් ඉවසනවා.
එතකොට ඉවසීම කියන එක අනුන් රකින්න තියෙන ගුණයක්. ඊළඟට එයා (අවිහිංසාය) හිංසාව නො
කර ඉන්නවා. ඒකත් අනුන්ව රකින්න තියෙන ගුණයක්. ඊළඟට (මෙත්තචිත්තතාය) මෛත‍්‍රී
චිත්තය. ඒකත් අනුන්ව රකින්න තියෙන ගුණයක්. ඊළඟ එක (අනුද්දයතාය) දයානුකම්පාව. එතකොට
මේ සියල්ල ම උපදවා ගත යුත්තේ තමා තුළ.
අපට මේ සිහිය පිහිටුවා ගන්නවා කියන
එකේ අර්ථය යන්තම් හෝ ඉගෙන ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආශ‍්‍රයෙන් ම
යි. සාමාන්‍යයෙන් අපි එදිනෙදා ජීවිතයේ දී පාරක් අමතකවීම, ගත්ත දෙය
තියපු තැන තියන්න අමතකවීම, වේගයෙන් යන්න ගිහිල්ලා දොරේ හැප්පීම, කකුල
පැටලිලා වැටෙන්න යාම, ලිස්සලා යාම ආදි සිද්ධිවල දී ‘කෝ ඔයාගෙ
සිහිය..?’ කියලා කියනවානේ. එතකොට අපට තේරෙනවා සාමාන්‍ය මනුෂ්‍යයා සිහිය
කියලා කියන්නේ ඒකට. ඒ කියන්නේ අවධානයෙන් සිටින්න බැරිකමටයි සිහිය නෑ කියලා
කියන්නේ. නමුත් යම්කිසි තැනක දී එයා වේගයෙන් ගියත් අවධානයෙන් යනවා නම් වැටෙන්නේ
නැතුව, ලිස්සන්නේ නැතුව යන්න පුළුවන්. මේ වගේ දේවල්වලින් අපට සිහිය
ගැන යම් වැටහීමක් ලබාගන්න පුළුවන්. නමුත් එපමණකින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ
විස්තර වෙන සතිය අර්ථවත් වෙන්නේ නෑ.
සිහියෙන් ඉන්න.. හැමතැනම මර
උගුල්…
උන්වහන්සේ සතිය කිව්වේ කොපමණ ගැඹුරු
එකක් ද කියලා අපට මෙන්න මේ උපමාවෙන් තේරුම් ගත හැකියි. අප කලින් කාරණාව ඉගෙන ගත්තේ
‘සේදක’ කියන සූත‍්‍රයෙන්. මේ උපමාව තියෙන්නේ ‘මක්කට’ කියන සූත‍්‍රයේ.
එහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘‘මහණෙනි, මේ හිමාල
වනයේ වඳුරන්ටත් යන්න බැරි, මිනිස්සුන්ටත් යන්න බැරි තැන් තියෙනවා. ඒ වගේ ම මේ හිමාලයේ ම
මිනිස්සුන්ට යන්න බැරි, ඒත් වඳුරන්ට යන්න පුළුවන් තැන් තියෙනවා. ඒ වගේ ම මේ හිමාල
වනයේ මිනිස්සුන්ටත් යන්න පුළුවන්, වඳුරන්ටත් යන්න පුළුවන් තැන් තියෙනවා.
ඒ විදිහට යම් තැනක මිනිස්සුන්ටත් යන්න පුළුවන් ද වඳුරන්ටත් යන්න පුළුවන් ද අන්න
එතැන දී මිනිස්සු වඳුරන්ව මරණවා.”
මේ විස්තර වෙන්නේ හරි ලස්සන තැනක්. ඒ
කියන්නේ හිමාල වනයේ සමහර තැන්වලට මිනිසුන්ටත් යන්න බෑ, වඳුරන්ටත්
යන්න බෑ. ඒකේ දී මොකුත් ගනුදෙනුවක් නෑ. තවත් සමහර තැන්වලට මිනිසුන්ට යන්න බෑ, නමුත්
වඳුරන්ට යන්න පුළුවන්. එවැනි තැන්වල දී වඳුරන්ට හානියක් නෑ. තවත් සමහර තැන්වලට
වඳුරන්ටත් යන්න පුළුවන්, මිනිස්සුන්ටත් යන්න පුළුවන්. අන්න එවැනි තැන්වල වැද්දෝ කියලා
ජාතියක් ඉන්නවා. ඒ වැද්දෝ වඳුරන්ව දඩයම් කරන්න කොහොල්ලෑ ගුලි අරන් ගිහිල්ලා ගස්වල
අලවනවා. නමුත් නුවණැති වඳුරෝ මේ කොහොල්ලෑ ගුලිය දැකපු ගමන් අනතුරක් කියලා හිතලා ඒ
ගහ අත්හරිනවා. ඒ ගහට යන්නේ නෑ.
නමුත් මහණෙනි, බාල
වර්ගයේ, ලෝලජාතික වඳුරෝ ඉන්නවා. සැණෙකින් තෘෂ්ණාව හටගන්න ස්වභාවයේ
ලොල් වූ මනසින් යුතු වඳුරෝ ඉන්නවා. මේ වඳුරොත් මෙතැනට යනවා. ගිහිල්ලා ඉස්සර වෙලාම
කොහොල්ලෑ ගුලිය අල්ලනවා. අල්ලපු ගමන් ඒ අත ඇලෙනවා. ඊට පස්සේ ඒ අත ගලවන්න අනිත්
අතින් අල්ලනවා. එතකොට ඒ අතත් ඇලෙනවා. ඊට පස්සේ අත්දෙක ගලවා ගන්න කකුලක් තියලා තද
කරනවා. එතකොට ඒ කකුල ඇලෙනවා. ඒ නිසා ඇලූණු අත්දෙකයි, කකුලයි
ගලවා ගන්න ඊළඟ කකුල තියලා තල්ලූ කරනවා. එතකොට ඒ කකුලත් ඇලෙනවා. ඊට පස්සේ මේ හතර ම
ගලවගන්න ඔළුව තියලා තද කරනවා. එතකොට ඔළුවත් ඇලෙනවා. මහණෙනි, වැද්දා
ඇවිල්ලා පහසුවෙන් ම එතැනම වඳුරාව මරණවා. මහණෙනි,
මේක උපමාවක්.” බුදුරජාණන් වහන්සේගේ උපමා හරි ම විස්මය ජනකයි. ඒ උපමාවල උන්වහන්සේගේ පණිවිඩය තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘‘මහණෙනි, මේ ලෝක විෂය තුළ තියෙන ප‍්‍රියමනාප රූප, ප‍්‍රියමනාප ශබ්ද, පි‍්‍රයමනාප ගඳ සුවඳ, ප‍්‍රියමනාප රස, ප‍්‍රියමනාප ස්පර්ශ කියන මේවා ඔක්කොම අයිති මාර විෂයට. සත්වයාව ඒ විෂය තුළ රඳවා ගොදුරු කරගැනීම පිණිස මාරයා විසින් ඒ දේවල් හැමතැන ම අටවලා තියෙනවා. ලෝල සිත් ඇති කෙනා සිහිය පිහිටුවා ගන්න බැරුව මේකට අහුවෙනවා. අහුවුණු ගමන් අහුවෙන්නේ නීවරණයකට. ඉන්ද්‍රිය පිනවන්න ගිහාම එක්කෝ කාමච්ඡන්දයට වැටෙනවා. එක්කෝ ඉන්ද්‍රියන් එක්ක ගැටිලා ද්වේෂයට පත්වෙනවා. එක්කෝ ථීනමිද්ධය ඇවිල්ලා ඒ තුළ කිඳා බහිනවා. එක්කෝ සැකයට පත්වෙනවා. මේ වගේ පංච නීවරණයන්ට යටවෙන කෙනා මාරයාට අහුවෙලා. අර බාල වර්ගයේ වඳුරාට කැමති දෙයක් කරන්න වැද්දාට පුළුවන් වගේ එයාට ඕන දෙයක් කරන්න මාරයාට පුළුවන්. මහණෙනි, තව වඳුරෝ ජාතියක් ඉන්නවා. ඒ අය ඈතදීම අනතුර දැකලා බැහැර වෙනවා. ඒ වගේ ම භික්ෂුවත් සිහිය දියුණු කරගෙන මාර උගුලෙන් ගැලවෙනවා.” අපට ඒකෙන් සතිය කියන වචනය තේරුම් ගන්න පුළුවන්. නීවරණ කියන එක තේරුම් ගන්නත් පුළුවන්. නීවරණ කියන එකෙන් බුදුරජාණන් වහන්සේ අදහස් කළේ අපේ හිතේ ලෝභය, ද්වේෂය, මෝහය හටගන්න විදිහට අරමුණු හරහා මානසිකව ඇතිවෙන අර්බුදයයි. එතකොට අපට පේනවා, සිහිය පිහිටුවා ගන්නවා කියන්නේ එහෙම නම් සාමාන්‍යයෙන් ‘වැටෙන්න එපා.. ලිස්සන්න එපා..’ කියන එකක් පමණක් නෙවෙයි. ඒ නිසා සිහිය පිළිබඳ ව තේරුම් ගැනීම පිණිස අපට මෙම දේශනා හරි ම ප‍්‍රයෝජනයි. ඒ වගේ ම තවත් ටිකක් ගැඹුරු උපමාවක් බුදුරජාණන් වහන්සේ ‘සකුණග්ගී’ කියලා සූත‍්‍රයක දේශනා කළා. එහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
මේක උපමාවක්.” බුදුරජාණන් වහන්සේගේ උපමා හරි ම විස්මය ජනකයි. ඒ උපමාවල උන්වහන්සේගේ පණිවිඩය තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘‘මහණෙනි, මේ ලෝක විෂය තුළ තියෙන ප‍්‍රියමනාප රූප, ප‍්‍රියමනාප ශබ්ද, පි‍්‍රයමනාප ගඳ සුවඳ, ප‍්‍රියමනාප රස, ප‍්‍රියමනාප ස්පර්ශ කියන මේවා ඔක්කොම අයිති මාර විෂයට. සත්වයාව ඒ විෂය තුළ රඳවා ගොදුරු කරගැනීම පිණිස මාරයා විසින් ඒ දේවල් හැමතැන ම අටවලා තියෙනවා. ලෝල සිත් ඇති කෙනා සිහිය පිහිටුවා ගන්න බැරුව මේකට අහුවෙනවා. අහුවුණු ගමන් අහුවෙන්නේ නීවරණයකට. ඉන්ද්‍රිය පිනවන්න ගිහාම එක්කෝ කාමච්ඡන්දයට වැටෙනවා. එක්කෝ ඉන්ද්‍රියන් එක්ක ගැටිලා ද්වේෂයට පත්වෙනවා. එක්කෝ ථීනමිද්ධය ඇවිල්ලා ඒ තුළ කිඳා බහිනවා. එක්කෝ සැකයට පත්වෙනවා. මේ වගේ පංච නීවරණයන්ට යටවෙන කෙනා මාරයාට අහුවෙලා. අර බාල වර්ගයේ වඳුරාට කැමති දෙයක් කරන්න වැද්දාට පුළුවන් වගේ එයාට ඕන දෙයක් කරන්න මාරයාට පුළුවන්. මහණෙනි, තව වඳුරෝ ජාතියක් ඉන්නවා. ඒ අය ඈතදීම අනතුර දැකලා බැහැර වෙනවා. ඒ වගේ ම භික්ෂුවත් සිහිය දියුණු කරගෙන මාර උගුලෙන් ගැලවෙනවා.” අපට ඒකෙන් සතිය කියන වචනය තේරුම් ගන්න පුළුවන්. නීවරණ කියන එක තේරුම් ගන්නත් පුළුවන්. නීවරණ කියන එකෙන් බුදුරජාණන් වහන්සේ අදහස් කළේ අපේ හිතේ ලෝභය, ද්වේෂය, මෝහය හටගන්න විදිහට අරමුණු හරහා මානසිකව ඇතිවෙන අර්බුදයයි. එතකොට අපට පේනවා, සිහිය පිහිටුවා ගන්නවා කියන්නේ එහෙම නම් සාමාන්‍යයෙන් ‘වැටෙන්න එපා.. ලිස්සන්න එපා..’ කියන එකක් පමණක් නෙවෙයි. ඒ නිසා සිහිය පිළිබඳ ව තේරුම් ගැනීම පිණිස අපට මෙම දේශනා හරි ම ප‍්‍රයෝජනයි. ඒ වගේ ම තවත් ටිකක් ගැඹුරු උපමාවක් බුදුරජාණන් වහන්සේ ‘සකුණග්ගී’ කියලා සූත‍්‍රයක දේශනා කළා. එහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
‘‘මහණෙනි, කැටකුරුල්ලෙක්
අහසේ පියාසර කරමින් හිටියා. ගිජුලිහිණියෙක් ඇවිදින් මේ කුරුල්ලාව ඩැහැගත්තා.
ඩැහැගත්ත ගමන් මේ කැටකුරුල්ලා කෑ ගහන්න ගත්තා. ‘අයියෝ..!
මං මේ වැරදි තැනක හිටපු නිසයි නුඹට මාව අල්ල ගන්න පුළුවන් වුණේ. මම පිය උරුමයෙන්
ලැබුණු තැන හිටියා නම් නුඹට මාව ඩැහැගන්න බෑනේ’ කියලා කෑගහලා කිව්වා. එතකොට
ගිජුලිහිණියා කැටකුරුල්ලාගෙන් ‘එම්බා කුරුල්ල, පියා සතු
තැනක් නුඹටත් තියෙනවා ද?’ කියලා ඇහුවා. ‘මටත් පියා සතු තැනක් තියෙනවා’ කිව්වා. ‘ඒ තැන
මොකක් ද?’ කියලා ඇහුවා. ‘කුඹුරේ උදැල්ලෙන් පස් පිඩැල්ල
පෙරලූවාට පස්සේ ඒ පස් පිඩැල්ලේ යට කොටස මට පිය පරම්පරාවෙන් ලැබුණු තැන’ කිව්වා.
එතකොට ගිජුලිහිණියා කල්පනා කරලා කියනවා ‘හරි, නුඹ එහෙම
කියනවා නම් මං දැන් නුඹව අත්හරිනවා. පුළුවන් නම් බේරියන්..’ එහෙම
කියලා කැටකුරුල්ලාව අත්හැරියා. ඉතින් කැටකුරුල්ලා කෙළින් ම පියාඹා ගෙන ගිහින් අර
පස් පිඩැල්ල උඩ හිටියා. පස් පිඩැල්ල උඩ ඉඳලා ගිජුලිහිණියාට කිව්වා ‘හා… ගිජුලිහිණිය, පුළුවන්
නම් දැන් වරෙන්..!’ කියලා. ඉතින් අහසේ පියාසලමින් සිටි ගිජුලිහිණියා තමන්ගේ
තියුණු දෙනෙත් යොමු කරගෙන, තමන්ගේ පියාපත් සමබර කරගෙන ඊතලයක් ලෙස වේගයෙන් අර පස්
පිඩැල්ල දෙසට පියඹා ගෙන ආවා. එනකොට ම අර කැටකුරුල්ලා සැණෙකින් පස් පිඩැල්ල යටට
රිංගුවා. රිංගපු ගමන් ගිජුලිහිණියාගේ පපුව පස් පිඩැල්ලෙ වැදිලා ගිජුලිහිණියා විපතට
පත්වුණා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘මහණෙනි, ගෞතම
ශාසනයේ පිළිසරණ ලබන්න පැවිදි වූ ඔබටත් පිය උරුමයෙන් ලැබුණු තැනක් තියෙනවා. ඒ තමයි
සතර සතිපට්ඨානය. පිය උරුමයෙන් ලැබුණු ඒ තැන තමයි ගෝචර විෂය, තමන්ට
ගැළපෙන තැන. ඒ ගැළපෙන තැනින් බැහැර වූ ගමන් එයා යන්නේ පංච නීවරණවලට. ඊට පස්සේ එයා
රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හොයාගෙන යනවා. ඒ යනකොට එයා යන්නේ නො ගැළපෙන දේ
හොයාගෙන. මහණෙනි, ඔබට ගැළපෙන තැන තමයි සතර සතිපට්ඨානය. ඒ ගැළපෙන දේ තුළ හිටියා
නම් ඔබට ආරක්ෂාව තියෙනවා.’
බුදුරජාණන් වහන්සේ මේ වගේ ලස්සන උපමා
යොදාගනිමින් ධර්මය දේශනා කරලා තියෙන්නේ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන්. අපි මේවා තේරුම්
ගත්තොත්, තේරුම් අරගෙන ඒ දේවල් හරියට වටහා ගත්තොත් අපට මේ ධර්මයෙන්
පිහිට පිළිසරණ ලබන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ මේ උපමා ආශ‍්‍රයෙන් අපට ඉගෙන
ගන්න තියෙන වැදගත් ම කාරණය තමයි කුසල් දහම් දියුණු කරගැනීම පිණිස තමන් තුළ ඇතිකර
ගන්නා අවධානය. ඒ අවධානය නැත්නම් තමන් ඒ සඳහා ක‍්‍රියා කරන්නේ නෑ. සලකන්නේ නෑ.
එයාට පළමුවෙන් ම තමන් තුළ අකුසලයක්
හටගන්නවා නම් ඒක තේරෙන්න ඕන. අපි කියමු, රාගය හෝ ද්වේෂය හෝ කුමක් හෝ
අකුසලයක් ඇති වුණා කියලා. අපි ද්වේෂය ගැන ගත්තොත් ද්වේෂය හටගන්නේ හේතු සහිතවනේ.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා ද්වේෂය හටගන්න හේතුවෙන කරුණු දෙකක්. එකක්
තමයි ද්වේෂ සහගත අරමුණක් තිබීම. ඒ කියන්නේ යම්කිසි දේකට ගැටීම. ඊළඟට ඒ ගැටුණු
අරමුණ තමන්ගේ ඇස් හමුවට පැමිණි විට ද්වේෂය මතුවෙන ආකාරයට තමන් මෙනෙහි කිරීම. ඒකට
කියන්නේ අයෝනිසෝ මනසිකාරය. ඒ විදිහට යෙදෙනවා නම් ද්වේෂය හටගන්නවා. බුදුරජාණන්
වහන්සේ පෙන්වා දෙනවා, ද්වේෂයක් හට නො ගන්නේ යම් ආකාරයකට ද ඒ ආකාරයට කය ගැන හිතනවා
නම් එතකොට කයක් මුල්කරගෙන ද්වේෂයක් හටගන්නේ නෑ කියලා. ඒ වගේ ම රාගයක් හටගන්නෙත්
නෑ.
ජීවිතාවබෝධය ඇතිකර ගන්න
තියෙන්නේ සතිපට්ඨානයේ පිහිටමින්
අපි කායානුපස්සනාව ගත්තොත්
කායානුපස්සනාවේ කොටස් වශයෙන් බෙදලා බලන්න ක‍්‍රමයක් තියෙනවා. ඒකට කියන්නේ ‘අසුභ
භාවනාව’ කියලයි. ඊළඟට ධාතු වශයෙන් බෙදලා බලන්න ක‍්‍රමයක් තියෙනවා, ඒකට
කියන්නේ ‘ධාතු
මනසිකාරය’ කියලයි.
ඒ වගේ ම ඉරියව් වශයෙන් විග‍්‍රහ කරලා බලන්න ක‍්‍රමයක් තියෙනවා, ඒකට ‘ඉරියාපථ’ කියලා
කියනවා. යම්කෙනෙක් ඒ විදිහට සතිපට්ඨානය කෙරෙහි අවධානයෙන් හිටියා නම් ඒ වගේ ම ද්වේෂ
සහගත අරමුණක් ආපු ගමන් ඒ අරමුණ සුභ වශයෙන් ගන්නේ නැතුව අසුභ වශයෙන් දකිනවා නම්… ධාතු
වශයෙන් බලනවා නම්… හේතුඵල දහමට අනුව ක‍්‍රියාකරන ඉරියව් පද්ධතියක් හැටියට බලනවා
නම් එයා තුළ ද්වේෂය හටගන්න කාරණාවක් පිහිටන්නේ නෑ. එයා තුළ කුසලය වැඩෙන්න වුවමනා
විදිහට අවධානය පිහිටනවා.
සතිපට්ඨානය කියන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාවටනේ.
මෙහි දී සමහර කෙනෙකුට අකුසල් හටගන්නේ විඳීම නිසා වෙන්න පුළුවන්. ඒ විදිහට විඳීම නිසා
අකුසල් හටගන්න කොට එයාට ඒ විඳීම නුවණින් මෙනෙහි කරලා ‘මේ
වේදනාව සැප විඳීමක්.. මේක දුක් විඳීමක්..’ කියලා විග‍්‍රහ කරගෙන බලන්න
පුළුවන් නම් ඒ පුළුවන්කම තමයි එතැන තියෙන සිහිය. ඒ සිහිය නැත්නම් අපි ඒ අකුසලයට
යටවෙලා යනවා.
අපි කියමු, ඔන්න අපට
තව කෙනෙක් දිහා බලද්දී ද්වේෂයක්, එක්කෝ රාගයක්, එක්කෝ
ඊර්ෂ්‍යාවක් ඇති වුණා කියලා. එවැනි අවස්ථාවක වේදනානුපස්සනාව ගැන දන්නේ නැති කෙනා ඒ
දේ පස්සේ යනවා. ඒ විදිහට යන්නේ සතිපට්ඨානය නැති නිසයි. එතකොට අපට පේනවා, බුදුරජාණන්
වහන්සේගේ සොයාගැනිල්ලේ තියෙන ප‍්‍රබල ම දේ තමයි, බලවත් ම
දේ තමයි සතිපට්ඨානය. මොකද උන්වහන්සේ සතිපට්ඨාන සංයුත්තයේ එක තැනක දී දේශනා කරනවා, ‘මහණෙනි, මට මේ
කායානුපස්සනාව පිළිබඳ පෙර නො ඇසූ විරූ දෙයකුයි මේ අවබෝධ වුණේ’ කියලා. ඒ
වගේ ම වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව පිළිබඳ ව
(පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු) පෙර නො ඇසූ විරූ ධර්මයන් කෙරෙහියි මට දහම් ඇස පහළ
වුණේ.. ඥානය පහළ වුණේ.. විද්‍යාව පහළ වුණේ.. ආලෝකය පහළ වුණේ…’ කියලා
බුදුරජාණන් වහන්සේ වදාළා. තව එක තැනක දී උන්වහන්සේ දේශනා කරනවා, ‘මනාකොට
සතිපට්ඨානයේ පිහිටමින් තමයි ජීවිත අවබෝධය ඇතිකර ගෙන තියෙන්නේ’ කියලා.
ඒක හරියට ම හරි. මොකද කුසල පක්ෂය කෙරෙහි අවධානය යොමුකරන කෙනාම තමයි කුසලය දියුණු
කරන්නේ. ඒ වගේ ම අකුසලය ප‍්‍රහාණය කරන්නේ. ඒ අවධානය දන්නේ නැති කෙනා අකුසලයේ
බැසගත්තා ම ඒ තුළ ම දුක් විඳිමින් ඉන්නවා. ඉතින් ඒ නිසා සිහිය පිහිටුවා ගැනීම
පිණිස අප පළමුවෙන් ම සිහිය කියන්නේ මොකක් ද? කියලා හරියට දැනගන්න ඕන.
අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ‍්‍රවණය
කිරීමෙන් තොරව සිහිය පිහිටුවා ගන්න බෑ. යම් කෙනෙක් ධර්මය අහලා ඒ ධර්මය මෙනෙහි
කරනවා නම් එයාට සිහිය උපදිනවා. ඔන්න එහෙම ඉද්දි ඒ කෙනාට මොනවා හරි ප‍්‍රශ්නයක් ඇති
වුණා කියමු. ඊට පස්සේ එයා ‘මං මේක අල්ලගෙන ඉන්න ඕන නෑ. මම මේ දේවල් අල්ලගෙන ඉන්නේ මොකට
ද?’ කියලා ධර්ම මනසිකාරය කරලා අධර්මය අත්හරිනවා. ඒ විදිහට ධර්ම
මනසිකාරය කරන්න බැරි නම් එයා අර අධර්මය කරාම යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා
තියෙනවානේ ‘(අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මේ) අසවලා මට අපහාස කළේ
ය.. මට බැන්නේ ය.. මා සතු දේ පැහැර ගත්තේ ය.. කියලා (තේසං උපනයිහන්ති වේරං තේසං න
සම්මති) එහෙම හිත හිතා ඉන්නවා ද ඔවුන්ගේ වෛරය නො සංසිඳේ’ කියලා.
පැටලෙන්නෙත්, ලිහෙන්නෙත්
හිතන ක‍්‍රමයෙන්
එතකොට අපිට පේනවා, හිතන ක‍්‍රමයෙන්
තමයි අපේ ජීවිත පැටලි පැටලී යන්නේ. ඒ පැටලෙන රටාවෙන් අපිව නිරවුල් කරන්න පුළුවන්
වෙන්නේ කුසල් හඳුනාගෙන කුසල් වැඞීම පිළිබඳ අවධානය දියුණු කිරීමෙන්. මේ අවධානය
දියුණු කිරීම උච්ච මට්ටමට එනකොට සමාධිය බවට පත්වෙනවා. අපි ගත්තොත්, කෙනෙක්
ආනාපානසතිය කරනවා කියලා කියමු. එයා ආශ්වාස, ප‍්‍රශ්වාස කෙරෙහි අවධානයෙන් ඉන්න
කොට ඒ අවධානය දියුණු වුණොත් සිත බාහිරට යන එක අඩුවෙලා ගිහින් සමාධිය වැඩෙනවා. එහෙම
නම් සතියෙන් තමයි සමාධිය එන්නේ. සතියෙන් සමාධිය එන්න නම් වායාමයෙන් (වීරියෙන්) ඒක
පවත්වන්න ඕන. ඒ විදිහට වීරිය පවත්වන්න නම් එයාට මේ කෙරෙහි හොඳට දැනුම තියෙන්න ඕන.
දැනුම නැත්නම් සුළු කලක දී එයා වීරිය අත්හරිනවා. සමහර විට එයාට වීරිය තියෙන්නේ
බොහොම පුංචි අවස්ථාවකට. හිතේ ප‍්‍රශ්න තියෙද්දි ඔන්න මහන්සි ගන්නවා. ප‍්‍රශ්න ටික
සංසිදුණු ගමන් වීරිය අත්හරිනවා. මොකද එයාගේ දැනුම තියෙන්නේ බොහොම පුංචි පුංචි
කරුණුවලටනේ.
යම් කෙනෙකුට සම්මා දිට්ඨිය ඇති වුණොත්
එහෙම නෙවෙයි. සම්මා දිට්ඨිය ඇති වුණොත් එයාට හැමතිස්සේ ම ඉස්මතු කරලා ගන්න පුළුවන්
දැනුමක්, අවබෝධයක් තමන් තුළ ම ඇති වෙනවා. ඒ අවබෝධය තුළ තමයි එයා ඊට
පස්සේ සිහිය පිහිටුවන්න මහන්සි ගන්නේ. එතකොට මුලාවෙන්න තැනක් නෑ. අපි දැන් මේ කතා
කරපු මාතෘකාව ගැන බැලූවොත් මෙතැන කෙනෙකුට මුලාවෙන්න තැනක් නෑනේ. එයාට හොඳට
සිහිනුවණ දියුණු කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාව විස්තර කරන්නේ
(සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති) රාග සහිත සිතක් හටගත්තොත් සිත ගැන
අවධානයෙන් ඉන්න කෙනා මෙන්න රාග සිතක් හටගත්තා කියලා හඳුනා ගන්නවා. (සදෝසං වා
චිත්තං සදෝසං චිත්තන්ති පජානාති) තරහ සිතක් හටගත්තා නම් හිත ගැන අවධානයෙන් හිටපු
කෙනා දැන් මට තරහා සිතක් හටගත්තා කියලා දැනගන්නවා
අපට හොඳට
පේනවා, සිතේ ස්වභාවය දකින්න තියෙන්නේ ඒ
විදිහට විතරයි. ඒ විදිහට කුසල්, අකුසල්
විග‍්‍රහ කරගත් කෙනා අකුසලය ප‍්‍රහාණය කරන්න මහන්සි ගන්නවා. කුසල්, අකුසල් විග‍්‍රහ කරගන්න දන්නේ නැති
කෙනා කරන්නේ ඒක පස්සේ යන එකයි. ඒකයි බුදුරජාණන් වහන්සේ හැම තිස්සෙම දේශනා කරන්නේ ‘මහණෙනි, මම මේක
කියන්නේ දන්න කෙනාටයි.. දකින කෙනාටයි. එහෙම නැතුව නො දන්නා, නො දකිනා කෙනාට නෙවෙයි’ කියලා. ඒ විග‍්‍රහය දිහා බැලූවා ම
අපිට හරි පැහැදිලියි, දන්න
දකින කෙනෙක් වුණොත් එයා අර සේදක සූත‍්‍රයේ දේශනා කරනවා වගේ තමාව තමයි ඉස්සර වෙලා
පිළිසරණ කරගන්නේ. බුදුරජාණන් වහන්සේ අපට තමාව පිළිසරණ කරගන්න කියලා කියන එකේ තේරුම
දැනගන්න ලැබෙන්නේ ඔන්න ඔය වගේ දේශනා ඇසුරු කළොත් විතරයි. එහෙම නැත්නම් අපට දැනගන්න
ක‍්‍රමයක් නෑ.
වෙනේතෝ ජාත්‍යන්තර භාවනා මධයස්ථානයේ සිල් පිරිස
වෙනුවෙන් මෙම දහම් පඬුර සකස් කළේ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල කුසලඤාණ
හිමි- බාහිර කථිකාචාර්ය -පේරාදෙණිය විශ්ව විද්‍යාලය - මහමේඝ ඇසුරිනි. 18-11-2012
No comments:
Post a Comment