Friday, October 27, 2023

තරු අරුන්දතී නෙතු පහන් නිවා....

 ගීයක අරුත:

වසන්තය කියන්නෙ යොවුන් කාලය. ඒ කාලෙදිම හිත සැලෙන වෙන්වීමක්. ඇය පවනක් වගේ ඈතට ගියත් සුවඳ විතරක් ඔහු ළඟ. සුදු රැළි ගවුම අඳින්නෙ ඉස්කෝලෙ කාලෙ. ඇයත් ඔහුට දඟකා⁣ර විදියට පෙම් කළත් ඒ මතකය පමණයි දැන් ඉතිරි.
"අරුන්දතී තරුව...
මෙය හුදෙක් එක් තරුවක් පමණක් ම නොවේ...
එය පුරාතන හිංදු සංස්කෘතික අාභාෂය අනුව, නොසැලෙන එ නම් තිර පති වෘතාවේ සංකේතයයි.
තව දුරටත් පවසන්නේ නම්, දෙහදක් අතර ඇතිවන සොඳුරු, සදාකාලික බැඳීමේ සංකේතයයි.
අප දිවයින තුළ පවා අතැම් සංස්කෘතියක, මංගල උත්සවයක දී අරැන්දතිය බැලීම අනිවාර්යය අංගයකි.
පරමාදර්ශී බිරිඳක හා සැමියකු ලෙස නොසැලී, පති දමින් බැඳී සිටීම සංකේතවත් කරමින්,
මංගල මොහොතේ දී මිරිස්ගල මත තැබෙන මනාලියක පා'ඟිල්ලට මංගල මුදුව පළඳවන අභිනව සැමියා, ඉන්පසු, තම සරණට පත් බිරිඳගේ නෙත් යොමු කරන්නේ අරැන්දතී තරුව වෙතයි.
සොඳුරිය, අර අෑත අහසේ අරුන්දතිය ඔබට දිස්වේ දැයි ඔහු තම බිරිඳ විමසන අතර, එදෙස බලන අැය, එය දුටු බැව් පවසයි.
මංගල දිනයේ පළමු අංගය ලෙස ඔවුනොවුන් එසේ, අරුන්දතී (සිකුරු) තරුව සාක්ෂි කොට එක්ව විසීමට ගිවිස ගනියි...
නමුත් එසේ සාක්ෂි දැරූ අරැන්දතී තරුව
නෙතු පහන් නිවා, එනම් දෑස පියාගෙන, එනම් කිසිවක් නොදුටු ලෙස දුරට වී, අවධානයට ලක් නොවන අයුරින් නිසොල්මන්ව සිටියි."
ඒ කොටස තරු අරුන්දතී ගීතයෙන් උ. ගැනීමක්.
ඔහුගේ සඳ වෙනත් පතිවතක සැඟවී යද්දි ඔහුගෙ යොවුන් කල සිහින බොඳ වෙනවා. මල් පාවඩ මතින් වෙන කෙනෙකුට... මගේ හිතේ තාමත් ඉන්න ඈ..
දෑරංගල කුසලඤාණ

තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා....

 ගීයක අරුත - 03

මේ ගීතයට යළිත් අවධානය ගෙනා සබඳ (එය ඔහු දැනගත්තාම ඇති) ඔබට ස්තුතියි. මේ ගීතය විචාරවලින් අඩුවක් නැති ගීතයක් කිව්වොත් නිවැරදියි. මං මුලින් හිතුවෙ ගායකයා අමරදේව කියලයි. නමුත් ඒ ලයාන්විත හඬ ශෘංගාරයට පෙරළන්නෙ ඩබ්. ඩී. ආරියසිංහයන්.
තිසර තුඩට තුඩ නගන්න
ඉඩ හරින්න රාධා
තිසර තුඩ කියන්නෙ කාන්තා පුන් පියයුරක අග. නිපල් එක කියන්නෙ මේකට. පිරිමියෙක් උපන් දා සිට ප්රිය කරන තැන. පිරිමි කම සඟවාගෙන ඉන්න බැරි කරන තැන. එතැනට මුව තියා ස්පර්ෂ කොට ඇයත් ඔහුත් සන්තර්පණය වීම පෙම් ලොව දෙදෙනෙක් එකෙක් වෙන සිදුවීමක්. තුඩ නගනවා යන්නෙහි අදහස එයයි. මතුපිට අර්ථය හංසයා හොටින් හොට තබා අර ප්රේමයේ සංඛේතය මවනවා වගේ සිදුවීමක්.
රාධා කියන්නෙ ගොපළු කෙල්ලක්. ඇය ඉන්නෙ අමනාපෙන්. හේතුව ක්රිෂ්ණා වෙන කෙල්ලන් වටකොටගෙන සිටීම. ඔහු ගොපලු කෙල්ලන් සැමගේම හදවත දිනාගන්න තරම් කඩවසම්. නමුත් ඊටත් වඩා ලස්සනයි රාධා. ඒත් එක ගැටළුවක්. රාධා විවාහකයි. ඇය තම සැමියාට කොතරම් පෙම් කරන්න උත්සාහ කරත් බැරිවෙනවා. අන්තිමේදි ඇය ක්රිෂ්ණාටම ළං වෙනවා. මේ කාලෙ ක්රිෂ්ණා වෙස්වලාගෙන හිටිය කුමාරයෙක්. කතාවෙ හැටියට ඔහු ගොපලු රාජධානියෙන් ගිහින් රජ කිරුළ පැළැන්දුවම රාධාව යළි මුණගැහෙන්නෙ නැහැ. ඒ ඔහුගේ කාර්යබහුලත්වය නිසා. බොහෝවිට සමහර පිරිමි ඒ විදියයි. ඔවුන්ට අවශ්යය වුණත් ඔවුන්ගෙ ජීවිතේ ඉන්න රාධාවන් හමුවෙන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. කතාවට එමු.
මහද සුරත් නෙලුම් කැකුල
දැදුරු වෙන්න පාරා
මගේ හදවත නමැති රතුපාට නෙළුම් කැකුළ කියන එක හදවත වෙන්නත් පුළුවන්. නැත්නම් පිරිමින්ගේ පිරිමි ඇඟ නෙළුම් කැකුළකට සංඛේතවත් කළා වෙන්නත් පුළුවන්. කාන්තාවක් වශයෙන් දකින්න පුළුවන් වන්නේ නම් ඒ විදියට. එතකොට ඒ නෙළුම් කැකුළ දැදුරුවෙන්න පාරන්නේ කොහොමද? එය දැදුරු වෙනවා යනු පිපීමය. එය පාරා පිපීම යනු සම්පූර්ණයෙන්ම පිබිදී යෑමය. එය එසේ තිබුණාවෙ.
දුනු දියෙන් මිදී මදරද
රාව නගන මීපා
දුන්නෙන් මිදී සද්දෙට ඊතලය යනවා වගේ සංකල්පයක්. ඒක රාගයෙන් උමතුවට පත් පිරිමින්ගෙ ඇතිවන පරිවර්තනයක්. මදරද කියන්නෙ අනංගයා. මීපා කියන්නෙ මධු පානය හෝ මී මැස්සන්. ඔවුන් රාවය නංවනවා අවටින් කියලා ගත්තම සරළයි. ආයෙත් කිව්වොත් මදරද හෙවත් අනංගයා තමයි පෙම්වතුන් එකතු කරන හීය විදින්නෙ. දෙදෙනාගේ එක්වීම තවත් ශක්තිමත් වී ඇතැයි මෙයින් පෙන්වන බව හැඟේ.
කොලොම් වන හිසේ මුවරද
මමන මද පොදින් සීතල
පරිසරය තුළ කොළොම් මල් පිරිලා. රාධා ක්රිෂ්ණා එක්වන්නෙ කොළොම් ගහක් යට. රාගයට අතවනන සංඛේත හැමතැනම. දෙදෙනාට එක්වීමට තිර දාන්නෙ ඒ කැලේ. මමන මද පොදින් සීතල කියන්නෙ අර මල් හැලිලා වැපිරිලා තියන කලාපයක ඔවුන් එළූ සළුව සේදෙන්න තරම් ඇයව සුරතාන්තයට රැගෙන ගොස්. මේ පද කියවෙන වේගයත් සංගීතයත් යළි යළිත් අහන්න. එතනින් දැනේවි කොතරම් වේගයක් අපේ හදවත්වල ඇතිවන රාගයෙන් ඇති කරනවද කියලා. විශේෂයෙන්ම එකතු වීමකදි.
වපුල කලාපේ මංගල
යහන් සලුව සෝදා
කටයුත්ත අවසන් වූ බවයි රත්න ශ්රී වක්රාකාරව කියන්නෙ. ඒ සළුව දැන් සෝදලා අපි අපේ සුසුම් නමැති සුළඟින් වේලෙන්නට දෙමු.
සුසුම් නලින් වියැලෙන්නට
ඉඩහරින්න රාධා
යළිත් එකතුවෙනවාය කියන සංඛේතයයි ඒ. ඒකට ටිකවෙලාවක් ඉන්න එපැයි.
නියඟලා මලින් සෝබන
කළිඳු ගංතෙරේ වන ගැබ
දියගෙවන පිරුනු උණුසුම
නිවාලන්න රාධා
ලහෝපලු සිහිල හෙල්මැලි
සඳුන් කල්ක තවරා
නියඟලා මල කියන්නෙ විෂ පිරුණු මලක්. නමුත් ඒ මලත් ලස්සනයි. රාධාගේ අනාගතය පෙන්නුවා වගේ. ඇයට ඔහු හිමි නැති කාලයක් එන බව කිව්වාවත් ද?
අනතුරුව ඔවුන් දෙදෙනා කළිඳු ගංගා තීරයට ගොස් හිරුගෙන් රත් වූ දියෙන් රාධාව සමඟ නාන්නෙ සියුම් සඳුන් කල්ක ඇඟේ ගාලා. පෙම්වතුන් කැමතියි එකට නාන්න. දෙදෙනාගේ ශරීරයන් දකින්න. විඳින්න ඔවුන් ආසයි. මේ වෙන්නෙ තාමත් ඉවර නොවූ තවත් ශෘංගාර පරිච්ඡේදයකට යන බව හැඟවීමයි.... ප්රේමය එතනින් අවසන් වෙන්නැහැ. ප්රේමය අර කළිඳු ගඟ වගේ බොහෝ දුර සයුර කරා ගලා යනු ඇති..
එහෙනම් ගීතය අහන්න මෙතනින් - https://www.youtube.com/watch?v=NrciyulDroo

වෙනත් අර්ථකථන -
රාධා ක්රිෂ්ණා කතාව ඉංග්රීසි බසින් - https://sites.google.com/.../radha-krishna-not-so-typical...
ගී පද
තිසර තුඩට තුඩ නගන්න
ඉඩ හරින්න රාධා
මහද සුරත් නෙලුම් කැකුල
දැදුරු වෙන්න පාරා
දුනු දියෙන් මිදී මදරද
රාව නගන මීපා
ලලිත ලවන සිඹ රඟන්න
ඉඩ හරින්න රාධා
කොලොම් වන හිසේ මුවරද
මමන මද පොදින් සීතල
වපුල කලාපේ මංගල
යහන් සලුව සෝදා
සුසුම් නලින් වියැලෙන්නට
ඉඩහරින්න රාධා
නියඟලා මලින් සෝබන
කළිඳු ගංතෙරේ වන ගැබ
දියගෙවන පිරුනු උණුසුම
නිවාලන්න රාධා
ලහෝපලු සිහිල හෙල්මැලි
සඳුන් කල්ක තවරා
ගායනය - ඩබ්ලිව් ඩී ආරියසිංහ
පද රචනය - රත්න ශ්රි විජේසිංහ
සංගීතය - ගුණදාස කපුගේ

දෑරංගල කුසලඤාණ
No photo description available.
reactions:

මරණ තුනක් ඇති මිනිසා...

 ගීයක අරුත - 8

මරණ තුනක් ඇති මිනිසා
මට මේ ගීතයත් අරුත්ගන්වන්න කිව්වෙ අර “තිසර තුඩට තුඩ තියන්න ඉඩ හරින්න රාධා” කියන ගීතයට අරුත් සපයන්නැයි කියූ වතපොත් මිතුරා විසින්. ඔහු ඉන්නෙ ලංකාවෙ. මා කැමතිම කවියෙක්. ඔහු උදේ තුන විතර වෙනකං පොතක් කියවමින් ඉඳලා. මට අභියෝගයක් දෙන්න භාර ගන්නවද කියලා අහලා තිබුණා. ඒ තමයි මේ ගීතය. වෙලාව අරන් ඉවසීමෙන් කරන්න කිව්වා. මේ ගීතය අසා තිබුණට මේ ගැන මම සිතලා තිබුණෙ නෑ. ඇත්තටම බැලුවම මේක භාර දූර කාර්යයක් කියලා තේරුණේ වැඩේ පටන් ගත්තට පස්සෙ.
එහෙනම් ගීතයට යමු.
මේ ගීතය පරාක්රම නිරිඇල්ලගේ සිරිමැදුර චිත්රපටයෙන්.
සයිමන් නවගත්තේගම තිර රචනා කළ මුඛ්ය චරිත හතරක් තියන චිත්රපටයක්. ඒ චරිත අතරෙ ඉන්නෙ ගෙදර මෙහෙකාරිය, විදේශ අධ්යාපනය ලැබූ අනතුරකට භාජනය වූ කොඳු නාරටිය අප්රාණික වූ සහෝදරයා, වැඩිමහල් සොහොයුරා, ඔහුගේ බිරිඳ. මෙයින් තුන්දෙනෙක්ම ගෙදරට සම්බන්ධ අය.
මේ ආබාධිත පුද්ගලයා සංගීතඥයෙක්. ඔහු පෙම් කරන්නෙ වලව්වේ සේවිකාවට. ඔහුගේ සොහොයුරා විවාහ වුණත් තමන්ගෙ අයියගෙ බිරිඳත් සමඟත් මේ පුද්ගලයා කිසියම් කුලුපග බවක් ඇති කරගන්නවා සංගීතය හරහා. මරණ තුනක් කිව්වෙ ඒකයි. මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය කියන ජනකවිය මේ ගීතයට පසුබිම් වෙනවා. ලූෂන් මුලින් ලියපු ගීතය තුළ පැණිකෑය වැනි අදහස් තිබිලා තියනවා. චිත්රපට කතා තේමාවට අදාළව තමයි මේ ගීතය ලූෂන් රචනා කරන්නෙ. අද මේ ගීතය රස විඳින්නෙ සිනමාවෙන් තොරව. ඒකට හේතුව විදියට ලූෂන් කියන්නෙ මේ ගීතයේ සංගීතය.
අමරසිරි පීරිස් ගායකයෙක් විදියට අමරදේව තරම්ම ඉහළට එසවෙන්නෙ මේ ගීතයෙන් කියලත් ඔහු පවසනවා.
ගීතය පරණ විදියටම මෙතනින් බලන්න පුළුවන් - https://www.youtube.com/watch?v=cxjPc9cdPXw
එහි ඉන්න අමරසිරි පීරිස් හරිම තරුණයි. නළු නිළියොත් තරුණයි.
තිරගත වූ දිනය – 1989 දෙසැම්බර් 29
ඉදිරිපත් කිරීම – තමර ෆිල්ම්ස්
නිෂ්පාදනය – බන්දුල ගුණවර්ධන
අධ්යක්ෂණය – පරාක්රම නිරිඇල්ල
කතාව - සයිමන් වගත්තේගම
දෙබස්, තිර නාටකය - සයිමන් නවගත්තේගම, පරාක්රම නිරිඇල්ල
සහාය අධ්යක්ෂණය – නිලේන්ද්ර දේශප්රිය, අරවින්ද ගමගේ
කැමරා අධ්යක්ෂණය – ඇන්ඩෲ ජයමාන්න
සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්
සංගීත අධ්යක්ෂණය - ප්රේමසිරි කේමදාස
ගීත ප්රබන්ධය - ලූෂන් බුලත්සිංහල
ගායනය - අමරසිරි පීරිස්
රංගනය – මාලිනී ෆොන්සේකා, අනෝජා වීරසිංහ, රවීන්ද්ර රන්දෙණිය
පරණ චිත්රපටි බලන්න කැමති නම් මේ තියෙන්නෙ ඒ සිරිමැදුර චිත්රපටිය - https://www.youtube.com/watch?v=nkJnDxnX7qM
චිත්රපටයේ නම සිරිමැදුර (1989). එය ගමක තියන වලව්වක්. සිරිල් (ලකී ඩයස්) නීතිඥයෙක් විදියට නිර්මලා (මාලනී ෆොන්සේකා) කියන පියානෝ වාදනයට ප්රිය කාන්තාව විවාහ කරගන්නවා. සිරිල්ගෙ බාල සොහොයුරා සම්පත් (රවීන්ද්ර රන්දෙනිය) හොඳ සංගීතඥයෙක්. ඔහු අසාර්ථක ශල්යකර්මයකින් පස්සෙ සිරිමැදුරට එනවා. ලීලා (අනෝජා වීරසිංහ) කියන්නෙ සිරිමැදුරෙ ඉන්න සේවිකාව. ඇල්බර්ට් (සිරි වික්රමගේ) කියන්නෙ වලව්වෙ උයන කෙනා. මෙහි සබඳතා ගොඩනැගී ඒ සබඳතා සුණුවිසුණු වී යන තේමාව තමයි මුල සිට අගට තියෙන්නෙ. හේතුව තමයි රහස්යභාවය සහ රැවටීම.
අලුත විවාහප්රාප්ත නිර්මලා ලිංගික ඊර්ෂ්යාව මත තම සැමියාගෝ ආබාධිත සොහොයුරා සමඟත් සබඳතාවක් ගොඩනගා ගන්නවා.
මේ ගීතයේ ගී පද දිහා නැවත නැවත බලමින් මටත් මේ චිත්රපටිය අලුතින්ම බලන්න සිද්ධ වුණා මේ ගී පද අරුත් ලිහා ගන්න. ඒකෙ වාසිය මේ චිත්රපටිය බලන්න අවස්ථාව ලැබීමත් ඒ සඳහා කාලය ඉක්මනින්ම උදා වීමත්.
මේ තියෙන්නෙ ගී පද -
මරණ තුනක් ඇති මිනිසා
මිනිසා
මරණ තුනක් ඇති මිනිසා
බලා සිටී
නිරුවත් දෑසින්
බලන්න කන්යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝධර තුඩු ඉකිබිඳිද්දී
සංත්රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීණා
කන්යාවී
නියඟලා මල් පාට දේදුණු
දෙබෑ කර එන ගිරා පොව්වන්
පියුම් කැකුළක් තුඩින් පාරා
බලෙන් පුබුදන
හංසයා
බලන්න නිරුවත් දෑසින්
ඔකඳ වී රිද්මයෙන්
රසා තලය කළඑළි ගන්වා
වයන්න වීණා
කන්යාවී
මිනිසා
මරණ තුනක් ඇති මිනිසා
බලා සිටී
නිරුවත් දෑසින්
බලන්න කන්යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝධර තුඩු ඉකිබිඳිද්දී
සංත්රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීණා
කන්යාවී
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව - ආචාර්ය ප්රේමසිරි කේමදාස
මිනිසා .....
මරණ තුනක් ඇති මිනිසා
බලා සිටී
නිරුවත් දෑසින්
බලන්න කන්යාවී
මෙතන මරණ තුනක් ඇති මිනිසා කියන්නේ ආබාධිත සොහොයුරා. මේ ගීතය චිත්රපටයේ කොයි හරියෙද තියෙන්නෙ කියලා බලාගන්න නම් චිත්රපටිය බලන්නම ඔ්න. චිත්රපටයේ හැටියට ලීලා කියන සේවිකාව ආබාධිත සම්පත් හාමු සමඟ ප්රේම සබඳතාවයක් තිබිලා තියනවා. ඒකට අකමැති වෙනවා ඔහුගේ සොහොයුරා. හේතු කිහිපයක් මත්තෙ. මුල්ම හේතුව තමයි නම්බුව. අයියා කම්කරු නායකයෙක් සහ නම්බුව ගැන හිතන කෙනෙක්. මල්ලි ඒවා ගැන හිතන්නැති කෙනෙක්. අයියා මේ සම්බන්ධෙට විරුද්ධ වුණ නිසා මල්ලි වාහනය අරන් යනවා බීමතින්. එතකොටයි ආබාධිත වෙන්නෙ. ඔහු මාස හයකට වැඩි කාලයක් ගිහින් පූර්ණ ආබාධිතව ලංකාවෙ සිරිමැදුර කියන තම නිවසට එනවා. ඔහුට ජීවිතාන්තය දක්වා කටහඬ අහිමිවෙනවා. කොඳු නාරටියේ ආබාධය සුවපත් කරගන්න දීර්ඝ කාලයක් ඉන්න සිද්ධ වෙනවා. නැවත ආවම ලීලා සමඟ තියන සබඳතාවය අලුත් වෙනවා. ඔහුගේ සියලු සත්කාර සාත්තු සප්පායම් කරන්නෙ ලීලා. ලීලා හැර වෙන කෙනෙක් ඔහුට සාත්තු කරනවට ඔහු කැමති නැහැ. ලීලාව විවාහ කරගන්න කියලා ඇල්බට් කියන පුද්ගලයා තීන්දු කරලයි තිබුණෙ. සම්පත් හාමු හදිසියෙම ආපු නිසා ඒ විවාහය සිද්ධ වෙන්න එකත් අනතුරේ. ඇල්බට්ට සිරිල් හාමු ඉඩමකුත් දීලා ගේකුත් හදලා දීලා ඉවරවෙද්දි ගෙට ගෙවදින්නත් විවාහය සිද්ධවෙන්නත් තියෙද්දි තමයි මේ පලහිලව්ව සිද්ධවෙන්නෙ.
මේ අතර නිර්මලා සංගීතයට ප්රියයි. ඇය සංගීතය ඉගෙනගෙනත් තියනවා. නිර්මලා කරුණාවන්තයි.
කොහොම නමුත් ගීත රචක ලූෂන් කියන විදියට ඔහුට මේ ගීතය චිත්රපටය අනුසාරයෙන් ලියන්න කිව්වම ඔහුට මතක් වෙන්නෙ මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය කියන ජනකවිය.
ඔහු ඒ ගීතය ලියපු අත්දැකීම ගැන මෙතන කතා කරනවා - https://www.youtube.com/watch?v=gCTgK-jUOpY
ඒ අනුව ඔහු කියනවා මරණ තුනක් කිව්වෙ තමන්ගෙ ආබාධිත අසරණභාවය, දෙවැන්න මෙහෙකාරිය, තුන්වැන්න තමයි අයියගෙ බිරිඳ සමග ඇතිවන කුළුපගභාවය. අර මරණ තුණක් ඇති මිනිසා පැණි කෑය කියන අදහස අරගෙන තමයි ගීතය රචනා වෙලා තියෙන්නෙ.
මුලදිම මේ ගීතය රචනා කරලා තියෙන්නෙ සරස්වතී සංකල්පය අනුව. හේතුව සංගීතයට සම්බන්ධ නිසා.
මේ ගීතයේ මුල් කියවීම පේමසිරි ඛේමදාසයන් සහ පරාක්රම නිරිඇල්ල අහලා වෙනස් කරනවා.
පේමසිරි ඛේමදාසයන් වාහනය පදවන ගමන් ලූෂන්ට කියනවා ගීය කියවන්න කියලා. එතකොට අර මරණ තුනක් ඇති මිනිසා බලාසිටී කියන කොටස තිබිලා තියෙන්නෙ පේළි කිහිපයකට පස්සෙ. පේමසිරි ඛේමදාසයන් කියනවා ඔතනින් ගීතය පටන් ගන්න කියලා. ඒ අනුව ලූෂන් ගීය සකස් කරනවා. එතනින් සියලු දෙනාම සෑහීමකට පත්වෙනවා. කතාවේ චරිත තමයි මේ ගීතයෙ ජීවත් වෙන්නෙ.
නිරුවත් දෑසින් බලන්න කන්යාවී... මෙතන කන්යාවිය කවුද? ඇයටයි කියන්නෙ නිරුවත් දෑසින් බලන්න කියලත්, අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන් වීණා වයන්න කියලත්. කන්යාවිය වන්නෙ සේවිකාව. ඇය තාම කන්යාවියක්. ඇයට කියනවා නිරුවත් දෑසින් බලන්න කියලා. ඒ කියන්නෙ මොකද්ද කියලා එකවරම පැහැදිලි වන්නේ නැහැ. ඇයට ඇස් ඇරලා බලන්න කිව්වා වෙන්න පුළුවන්. ඒ කියන්නෙ ඇය ඔහු දෙස ප්රේමය නැමති සළුවට මුවා වී පමණයි බලන්නෙ..එහෙත් නූගත් ..අහිංසක දුප්පත් ඇයට පෙනෙන්නේ නෑ අනෙකුත් දේවල් ..පුංචි හාමුට ඕන..හැමදේම ..ඔහුට..
අනුරාගය..සංගීතය...පවුල ..සමාජ තත්ත්වය ..බුද්ධිමය සාකච්ඡා....මව්වත්කම...⁣සහෝදරත්වය ...මේ හැමදේම ඕන වෙනවා...මට හිතෙන්නේ ඔහු නිර්මලා වන සහෝදරයගෙ බිරිඳට ආශක්ත වෙන්නෙ එතනදී..නිරුවත් දෑසින් බලා ..ඔහුට අවැසි කුමක්ද කියා..තේරුම් ගන්න ...කරන ඉල්ලීමක් විදිහට ..පදරචකයා ඒ..රූපකාර්ථවත් යෙදුම භාවිත කරන්න ඇති කියලයි වැටහෙන්නෙ. ඒ අදහස මට දුන්නු අමාලි මංගේෂ්කාට ගොඩාක් ස්තුතියි. වීණා වයන්න කියලත් තියන නිසා සරස්වතිය සිහිගැන්වෙන එක අරුමයක් නොවෙයි. මොකද ඇයගෙ අතේ වීණාවක් තියන නිසා.
මිනිසා තමයි ඒ ආබාධිත සොහොයුරා. ඔහුට කතා කරන්න බැරිවුණ නිසා බලා ඉන්න පමණයි පුළුවන්. නමුත් ගීතය චිත්රපටයෙන් පරිභාහිරව ඇහෙද්දි නම් හිතෙන්නෙ පොදුවේ දුක්ඛයන්හි ගැටෙන මිනිසා ගැන කියනවා කියලයි.
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝධර තුඩු ඉකිබිඳිද්දී
සංත්රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීණා
කන්යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙනවා කියන්නෙ කාගේ හෝ නිරුවත හා කන්යාභාවය අහිමි වීමක් ගැන සංඛේතාත්මක ප්රකාශනයක් කියලයි මට හැඟෙන්නෙ. විශේෂයෙන්ම එය බලපාන්නෙ සේවිලාක වන ලීලාට. පිරිමියාට එය අදාළ නෑනෙ. මුලින් පිරිමියා බලා සිටීම ගැන කියනවා. ඇය දුප්පත්. ඇය සේවිකාවක් පමණයි කියන එක නිර්මලා විසින් ඒත්තු ගන්වනවා. ඒ දෙදෙනාම ගැහැණුන්. දැන් ගැහැණිය ගැන කියවෙනවා.
පයෝධර තුඩු ඉකිබිඳීම කියන්නෙ ඇය, ඒ කියන්නෙ සේවිකාව, මවක් වගේ ඔහුට ආදරෙයි. ඇගේ පයෝධර තුඩු වල කිරි විදින්න තරමු දාරක ස්නේහයක් කැටි වූ ප්රේමයක්. ඒ සේවිකාවට හිතාගන්න බැහැ මෙතෙක් තම නෑනා සමඟ උරණව මෙන් සිටි මේ සම්පත් හාමු සංගීතය හරහා කාන්දමක් වගේ නෑනාට සමීප වීම. ඒ වගේම සම්පත් හාමු මහත්මයා තුවක්කුවලින් ඉලක්කයට වෙඩිතියන්න ලෝලියෙක්. සංත්රාසයෙන් කියන වචනයෙදි ඒක මතක් වුණාට සංත්රාසය ඇත්තටම දැනෙන්නෙ ඒ සේවිකාවට. ඇයට තර්ජන කොතෙක් ආවත් ඇය සම්පත් හාමු මහතාට පණමෙන් ආදරෙයි. ඇයට සංගීතය බැහැ.
සංගීතය හරහා ඒ ඇති වූ නව සබඳතාව සිරිල් හාමු මහතාත් අනුමත කරනවා. හේතුව පවුල් විරසක නැතිවෙලා හිනාවක් ගෙදර මැවුණ නිසා. ඉතින් ලීලාට සිද්ධ වෙන්නෙ අර කථා කරන්න බැරි අසංවාදී සුසුම්වල වේගයේ රිද්මයෙන් ඇය නොදන්නා වීනාව වයන්න. ඇයව බලෙන් ඇල්බර්ට්ට විවාහ කරලා දෙන්න හැදුවත් ඇය අකමැතියි. ඔහුගේ සුසුම් ඇයට සමීපයි. ඇය තමයි ඒ සුසුම් හොඳින්ම හඳුනන්නෙ.
අර සොහොයුරා ටිකෙන් ටික පවුලට නැවත සමීප වෙද්දි ඇය තනි වෙනවා. ඇය විස්සෝපයට පත්වෙනවා. ඇයට ඒ වෙනස දරා ගන්න අමාරු වෙනවා. මෙතෙක් සම්පත් හාමුට තේ අරන් ගිය ඇයගෙ ඇතින් ඒ තේ බන්දේසිය ඉල්ලගෙන නිර්මලාව තේ අරන් යනවා.
නියඟලා මල් පාට දේදුණු
දෙබෑ කර එන ගිරා පොව්වන්
පියුම් කැකුළක් තුඩින් පාරා
බලෙන් පුබුදන
හංසයා
බලන්න නිරුවත් දෑසින්
ඔකඳ වී රිද්මයෙන්
රසා තලය කළඑළි ගන්වා
වයන්න වීණා
කන්යාවී
ඊළඟට එන්නෙ සංඛේත ගොඩක්. නියඟලා මල් පාටින් එන දේදුණු, ඒවා දෙබෑ කරන් එන ගිරා පැටවුන්. මොකද්ද මෙතනින් කියවෙන්නෙ? නියඟලා මල් හරීම ලස්සන රන්වන් පැහැයෙන් යුක්තයි. ගිනි පාටක්. දේදුණුත් ඒ පාටයි. වර්ණ සංකලනයකින් යුක්තයි. නියඟලා අලය මාරාන්තිකයි. සේවිකාවට පිහිටක් නෑ. නමුත් විස අනාගතයක් සහිත පැතුම්.. දේදුනු කියන්නෙ පැතුම්. ඒවා දෙබෑ කරගෙන එන ගිරා පොව්වන් කවුරුන්ද ... ඒ ගිරා පැටවුන් මං හිතන්නෙ නම් සිරිල් කියන අයියා සහ ඇල්බට් කියන වෙන්ට සැමියා. ඔහු උත්සාහ කරනවා මේ සේවිකාව බලෙන් විවාහ කරවන්න. ඇව පියුම් කැකුළක්. ඒ පියුම් කැකුළ බලෙන් පුබුදන්න අර ගිරා පැටවුන් උත්සාහ කරනවා. නමුත් ඇත්තටම බලෙන් පුබුදන හංසයා තමයි බලය ඇති කාලෙ ආබාධිත වෙන්න පෙර ඇය සමඟ ලිංගිකව එකතු වුණු සොහොයුරා. ගිරවුන්ගෙ ස්වභාවය කච කචේ. කියවන එක. ඔවුන් ඇයට කරච්චලේ. ඔහේ කියවනවා. ඇයට ඔ්න ඇගේ නෙළුම් කැකුළ කියන පතිවත සම්පත් හාමු මහත්තයාට දෙන්න. නමුත් ඔහුගෙනුත් ඇය ප්රතික්ෂේප වෙනවා.
අන්තිමේදී ඔකඳ වී රිද්මයෙන් රසා තලය කළ එළි ගන්වා කන්යාවී කියන සරස්වතියට වීණාව වයන්න කියනවා.
ඔකඳ වෙනවා කියන්නෙ සන්තෝෂයට පත් වෙනවා කියන එක. මේ වචන සියල්ලම අවසානයේ තියන සංගීතයට ඉලක්ක වෙනවා. සම්පත් හාමු මහතාගෙ යාලුවෙක් තමයි නිර්මලාවත් එකතු කරගෙන මේ සංගීත වැඩසටහන පටන් ගන්නෙ. සේවිකාවගෙ ආදරය පරදා සංගීතය දිනනවා. ඒ රිද්මය සේවිකාවට බැරි භාසාවක්. නිර්මලාට පුළුවන්. ඇයට වයලීනයත් පුළුවන්. නිර්මලාගෙ සැමියා අතිශය කාර්ය බහුලයි. ඒ දුර්වලතාවය මත්තෙ ඇය මුල පටන්ම උපක්රමශීලීව ආබාධිත ඔහුට සමීප වෙනවා.
එන්න එන්න රස තලය කළඑළි කරලා, වීණාව වයන්න කියලා අවසන් වෙන්නෙ ඒකයි. ඉතින් මට හැකි තරමින් මේ තමයි ගීතය. මේ ගීතය චිත්රපටයේ ඇහෙන්නෙ මුල් පැය දෙක ගියාට පස්සෙ.
එතනින් පස්සෙ චිත්රපටයේ වෙන දේවල් කියන එක චිත්රපටයට හානියක්. ඒ නිසා ඒක ඉහත ලිංක් එකෙන් බලන්න.
කියෙව්වාට ස්තුතියි.
© දෑරංගල කුසලඤාණ
All reactions:
Thilina Priyasad, Vijitha Bandara Herath and 24 others

පවන් සුසුම් ගීත විචාරය...

 පවන් සුසුම් ගීත විචාරය

පවන් සුසුම් වැලින් වෙළී ශෘංගාර රාවේ නොසංගා
නුවන් කොණින් සුපෙම් හැඟුම් නින්නාද නැංවූ තරංගා
කුසුම් ළඳුන් බිඟුන් මුවින් අනුරාග ගී රාව නංගා
ප්‍රසන්න වැව් තිරේ නැගේ සංයෝග පෙම් ගී තරංගා

පෙමින් වෙළුණු යුවළක් කායිකව එකතුවෙන්න යන බවක් කියවෙන ගීතයක්. දෙන්නා ඉන්නෙ ගොඩක් ළංවෙලා නිසා දෙන්නා හුස්ම ගනිද්දි ඒ හුස්මවැල් පවා එකතුයි දැං. ශෘංගාර හැඟීම හංගන්න දෙයක් නෑ. නෑයො වගේම දෙදනාම මධුසම හෝරාවට එකිනෙකාට අවසර දීලා හමාරයි. මේ හෝරාව දෙන්නටම නවත්තගන්න ඕනකමක් නෑ. මල් නමැති කාන්තාවන් මීමැස්සන්ගෙ රාවයට හෙවත් මනමාළයගෙ ප්‍රේමණීය හඬට පවා ආකර්ශණය වෙලා නිසා අනුරාගය රැව් පිළිරැවු දෙන බව ඇයට දැනෙනවා. ඔහුටත් දැනෙනවා. ඒ හඬ හරිම ආදරණීයයි. දෙදෙනා අතර පහන් හැඟීම් වැවක රැළි වගේ නැඟිලා ඇවිත් සංයෝග වෙලා හෙවත් මුහුවෙලා ගීත බවට පෙරළෙනවා.


පෙම් සීත වර්ෂාවෙ නිල් වැව් තලාවේ 
අනුරාග හෝරාව එළැඹී තිබේ
මල්හාරියන් පෙම්වතුන් හා තුරුල් වූ
අභිෂේක යාමේ උදාවේ

පිරිමියාගෙ හඬින් කියන අනුරාග වචනෙ දෙවැනි වතාවටත් ගෙනල්ලා කියන්නෙ දැං අපිට එකතුවෙන්න වෙලාව ඇවිත්. හදිසියක් කලබලයක් සැඟවීමක් ඕන නැහැ. පෙම වහින වෙලාව...වැව උතුරා යන වෙලාව... මනමාළ යුවළක් එකිනෙකාගෙ වෙන, කායිකව එකතුවෙන මොහොතට ඔන්න මෙන්න දැං. මල්හාරි කියන්නෙ ශිව දෙවියන්ට. ශිව පාර්වතී වගේ දෙන්නා සදාකාලිකව කාලය මිරිකා දමා වෙන් කරන්න බැරි තැනට ඇවිත්. පාර්වතී අධිභාවනාවකට සමවැදිලා වගේ ශිව කියන හැමදේම කරන්න කැපවෙලා ඉන්නවා අදටත්. අභිශේක යාමය කියන්නෙ ඇය ඔහුට සැමියා කියන ඔටුන්න දෙන වෙලාව. ඇය අකමැති නම් ඔහුට රජු වෙන්න බැහැනෙ.

මනමාලියක් වන්න සිහිනෙන් පැතූ පෑ
අනුරාග හෝරාව එළැඹී තිබේ
මුව මී තෙපුල් රන් උරා බී සිනාසෙන්න
අභිෂේක යාමේ උදාවේ

ඇය මනමාළියක් වෙන්න කාලයක් බලන් හිටියෙ ඔහු නිසා. කුලවත් පතිණියක්. නැවතත් අනුරාග වචනය ඇය ගේනවා. ඇයටත් දැනෙනවා ඇවිස්සීම. දෙදෙනා මුවට මුව තබා සිප වැළඳගෙන, කැතක් නැතුව දෙදෙනාගේම රහස් තැන් හොඳින් සිප, උරා බී අවසානයෙ සුරතාන්තයට පත්වෙද්දි  දෙදෙනාම හිනාවෙනවා...දෙන්නම කරපු කෝළං ටික එකපාර අවසං වුණාම හිනාවක් දෙන්නටම එනවා. ඒ ප්‍රේමණීය ශෘංගාරාත්මක කායික එක්වීමක අවසානය සනිටුහන්වෙන හැටි.  එකිනෙකා සම්මත වෙන වෙලාව ඇවිත් කියලයි මේ කියන්නෙ.

ලස්සන පිරිමි කුරුල්ලෙක් හැඩවැඩ දාලා ගීත කියලා නටලා හැමදේම කරලා ඇයව ආකර්ශණය කරගත්තෙ ඇය මෙතනින් එහාටත් ජීවිත කාලයක් තමන්ගෙ ලෝකය කරගෙන ඉන්නවා කියන අදහසින්. ඇයට වැරදුණොත් ඔහු නිසා තමා. එසේ වන්නට නොදී දෙදෙනාම අව්‍යාජව එකිනෙකාගෙන් සෑහීමට පත්වෙන්න හීන මවලා ඒ හෝරාව ඇවිල්ලා...නෑසියන්ගෙන් සමුගෙන මධුසම අවස්ථාවෙදි දෙදෙනා දෙදෙනාටම පමණක් හුදෙකලාව එකෙක් වෙන්නයි යන්නෙ කියන බව කියවෙන එකම ගීතය ....වෙන්නැති.

මීට නොදෙවෙනියි කිත්සිරි ජයසේකරගෙ ආදරණීය හඬින් කියවෙන මී පැණි රහසක් ගීතය...

ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා හා දේවානන්ද වෛද්‍යසේකර
සංගීතය - පණ්ඩිත් අමරදේව
පද -  ධර්මසිරි ගමගේ
සිනමා පටය -  තරංගා

ගීතය - https://www.youtube.com/watch?v=4pmPFVcCk6g

චිත්‍රපට රාමු සහිත ගීතය - https://www.youtube.com/watch?v=rn2-RYrcOso

Derangala Kusalagnana

 

Thursday, July 30, 2020

Jalanandana Paritta translation

Jalanandana Paritta Translation upon Ben's request. Not too confident about some renderings. So your valuable suggestions are welcome.




Saturday, July 25, 2020

රත්නමාලී ගාථා ඉංග්‍රීසි පරිවර්තනය පූජ්‍ය දෑරංගල කුසලඤාණ හිමි

රත්නමාලි ගාථා English පරිවර්තනය තුළ අඩුපාඩු ඇතොත් දැනුම් දෙන්න. Please feel free to point out the errors of the English translatin of the Ratnamāligāthās. Mettā