ගීයක අරුත - 8
Friday, October 27, 2023
මරණ තුනක් ඇති මිනිසා...
පවන් සුසුම් ගීත විචාරය...
පවන් සුසුම් ගීත විචාරය
පවන්
සුසුම් වැලින් වෙළී ශෘංගාර රාවේ නොසංගා
නුවන් කොණින්
සුපෙම් හැඟුම් නින්නාද නැංවූ තරංගා
කුසුම් ළඳුන්
බිඟුන් මුවින් අනුරාග ගී රාව නංගා
ප්‍රසන්න වැව්
තිරේ නැගේ සංයෝග පෙම් ගී තරංගා
පෙමින්
වෙළුණු යුවළක් කායිකව එකතුවෙන්න යන බවක් කියවෙන ගීතයක්. දෙන්නා ඉන්නෙ ගොඩක් ළංවෙලා
නිසා දෙන්නා හුස්ම ගනිද්දි ඒ හුස්මවැල් පවා එකතුයි දැං. ශෘංගාර හැඟීම හංගන්න දෙයක්
නෑ. නෑයො වගේම දෙදනාම මධුසම හෝරාවට එකිනෙකාට අවසර දීලා හමාරයි. මේ හෝරාව දෙන්නටම
නවත්තගන්න ඕනකමක් නෑ. මල් නමැති කාන්තාවන් මීමැස්සන්ගෙ රාවයට හෙවත් මනමාළයගෙ ප්‍රේමණීය
හඬට පවා ආකර්ශණය වෙලා නිසා අනුරාගය රැව් පිළිරැවු දෙන බව ඇයට දැනෙනවා. ඔහුටත් දැනෙනවා.
ඒ හඬ හරිම ආදරණීයයි. දෙදෙනා අතර පහන් හැඟීම් වැවක රැළි වගේ නැඟිලා ඇවිත් සංයෝග වෙලා
හෙවත් මුහුවෙලා ගීත බවට පෙරළෙනවා.
පෙම් සීත
වර්ෂාවෙ නිල් වැව් තලාවේ
අනුරාග හෝරාව
එළැඹී තිබේ
මල්හාරියන්
පෙම්වතුන් හා තුරුල් වූ
අභිෂේක යාමේ
උදාවේ
පිරිමියාගෙ
හඬින් කියන අනුරාග වචනෙ දෙවැනි වතාවටත් ගෙනල්ලා කියන්නෙ දැං අපිට එකතුවෙන්න වෙලාව ඇවිත්.
හදිසියක් කලබලයක් සැඟවීමක් ඕන නැහැ. පෙම වහින වෙලාව...වැව උතුරා යන වෙලාව... මනමාළ
යුවළක් එකිනෙකාගෙ වෙන, කායිකව එකතුවෙන මොහොතට ඔන්න මෙන්න දැං. මල්හාරි කියන්නෙ ශිව දෙවියන්ට.
ශිව පාර්වතී වගේ දෙන්නා සදාකාලිකව කාලය මිරිකා දමා වෙන් කරන්න බැරි තැනට ඇවිත්. පාර්වතී අධිභාවනාවකට සමවැදිලා වගේ ශිව කියන හැමදේම කරන්න කැපවෙලා ඉන්නවා අදටත්. අභිශේක යාමය කියන්නෙ ඇය ඔහුට සැමියා කියන ඔටුන්න දෙන වෙලාව. ඇය අකමැති නම් ඔහුට රජු
වෙන්න බැහැනෙ.
මනමාලියක් වන්න
සිහිනෙන් පැතූ පෑ
අනුරාග හෝරාව
එළැඹී තිබේ
මුව මී තෙපුල්
රන් උරා බී සිනාසෙන්න
අභිෂේක යාමේ
උදාවේ
ඇය
මනමාළියක් වෙන්න කාලයක් බලන් හිටියෙ ඔහු නිසා. කුලවත් පතිණියක්. නැවතත් අනුරාග වචනය
ඇය ගේනවා. ඇයටත් දැනෙනවා ඇවිස්සීම. දෙදෙනා මුවට මුව තබා සිප වැළඳගෙන, කැතක් නැතුව දෙදෙනාගේම
රහස් තැන් හොඳින් සිප, උරා බී අවසානයෙ සුරතාන්තයට පත්වෙද්දි දෙදෙනාම හිනාවෙනවා...දෙන්නම කරපු කෝළං ටික එකපාර අවසං වුණාම හිනාවක් දෙන්නටම එනවා. ඒ ප්‍රේමණීය ශෘංගාරාත්මක කායික එක්වීමක අවසානය සනිටුහන්වෙන හැටි. එකිනෙකා සම්මත වෙන වෙලාව ඇවිත් කියලයි මේ කියන්නෙ.
ලස්සන
පිරිමි කුරුල්ලෙක් හැඩවැඩ දාලා ගීත කියලා නටලා හැමදේම කරලා ඇයව ආකර්ශණය කරගත්තෙ ඇය
මෙතනින් එහාටත් ජීවිත කාලයක් තමන්ගෙ ලෝකය කරගෙන ඉන්නවා කියන අදහසින්. ඇයට වැරදුණොත්
ඔහු නිසා තමා. එසේ වන්නට නොදී දෙදෙනාම අව්‍යාජව එකිනෙකාගෙන් සෑහීමට පත්වෙන්න හීන
මවලා ඒ හෝරාව ඇවිල්ලා...නෑසියන්ගෙන් සමුගෙන මධුසම අවස්ථාවෙදි දෙදෙනා දෙදෙනාටම
පමණක් හුදෙකලාව එකෙක් වෙන්නයි යන්නෙ කියන බව කියවෙන එකම ගීතය ....වෙන්නැති.
මීට නොදෙවෙනියි
කිත්සිරි ජයසේකරගෙ ආදරණීය හඬින් කියවෙන මී පැණි රහසක් ගීතය...
ගායනය - ඉන්ද්‍රාණි
පෙරේරා හා දේවානන්ද
වෛද්‍යසේකර
සංගීතය - පණ්ඩිත් අමරදේව
පද -
ධර්මසිරි ගමගේ
සිනමා පටය -
තරංගා
ගීතය -
https://www.youtube.com/watch?v=4pmPFVcCk6g
චිත්‍රපට
රාමු සහිත ගීතය - https://www.youtube.com/watch?v=rn2-RYrcOso
Derangala Kusalagnana
Monday, December 7, 2020
Slides prepared by Bhante Kusala to teach Dhammanupassana (meditation on dhammas).
https://www.scribd.com/presentation/487282835/Dhammanupassana
Thursday, July 30, 2020
Saturday, July 25, 2020
Thursday, October 17, 2019
Monday, April 28, 2014
Satipaṭṭhāna Sutta - English - Pāli (word-for-word translation where necessary)
I have put the Satipaṭṭhāna Sutta into a better readable position. Hope this might help to accomplish your dhamma wishes.
Satipatthanasutta- New Translation.pdf
Here you go.









